ඇමතිකම් නැති ජ්‍යෙෂ්ඨයන්ට පොහොට්ටුවෙන් කොස්කොල ඔටුනු..

 

අමාත්‍ය ධුර බලාපොරොත්තුවෙන් සිටියත් මෙතෙක් අමාත්‍ය තුරු නොලැබුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වගකීම් පැවරීමට තීරණය කර තිබේ.

ඒ පොදුජන පෙරමුණ පක්ෂය නැවත නගා සිටුවීමේ වැඩපිළිවෙළේ වගකීම්ය.

ඒ අනුව දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් සංවිධාන මෙහෙයුම් සිදු කිරීමට මෙම වගකීම ඔවුන්ට පැවරීමට තිරණය කර ඇත.

ලබන මහ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් ඒ සඳහා සංවිධානාත්මකව කටයුතු කරන ලෙසද ඔවුනට දැනුවත් කර තිබේ.

දිගින් දිගටම අමාත්‍යධුර ලබා දෙන ලෙස ඉල්ලීම් කලද ජනාධිපතිවරයාගේ උනන්දුවක් දක්නට නොලැබීම මත ඔවුනට මෙම පියවර ගැනීමට සිදුව තිබේ.

Post a Comment

0 Comments