ජනප‍්‍රිය නිලියක් හා අධ්‍යක්‍ෂවරයෙක් පාරේ ගුටි ඇනගනී..




 ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පානදුර පොලිසියට පැමිණිලි කර තිබේ.

අද අළුයම මේ දෙදෙනා අතර පානදුර ප්‍රසිද්ධ පාසලක් අසල නිවසක් ඉදිරිපිට දී මෙම ගැටුම සිදුව තිබේ.

අධ්‍යක්ෂවරයා අලුයම දෙකට පමණ මෙම රංගන ශිල්පියා හමුවීම සඳහා ඇයගේ පානදුර නගරයේ පිහිටි නිවසට පැමිණීමේ දී ආරවුල ඇතිව තිබේ.

රංගන ශිල්පිනිය පැමිණිලි කර ඇත්තේ තමනට පහරදී මෝටර් රථයේ යතුර අධ්‍යක්ෂවරයා විසින් ලබා ගෙන ගිය බවයි.

ඒ අතර අධ්‍යක්ෂවරයාද පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ තමා ගේ ලක්ෂ 75 කට ආසන්න මුදලක් ඇය වෙනුවෙන් වැයකර ඇති නිසා අද අළුයම ඇයගේ ජංගම දුරකථනය හා මෝටර් රථය යතුර ලබාගත් බවයි.

මෙම පාර්ශවයන් දෙකම කැඳවා දෙපාර්ශවයේම එකඟතාව මත පැමිණිලි ඉල්ලා අස්කරගෙන සමථයකට පත්ව තිබේ.

Post a Comment

0 Comments