යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශවාසී ජනතාවට ඔවුන්ගේ මියගිය අයගේ අවසන් කටයුතු සිදුකිරීම වෙනුවෙන් විධිමත් සුසාන භූමියක් නොමැති වීමැති වීමෙන් ඒහි ජනතාවට සෞඛය ඇතුලු ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇත.
අනෙයිකොට්ටෙයි කල්ලුන්දායි සුසාන භූමියේ මේවනවිට කිසිදු පහසුකමක් නොමැතිව මළසිරුරුවල අවසන් කටයුතු සිදුකරන අතරම මළසිරුරු ආදාහනය (පුලුස්සන) විටකදී ඇතැම් අවස්ථාවන්හි මළසිරුරු කොටස් ඉතුරු විටක සුනකයින් විසින් අදාල සිරුරු කොටස් ගම්මානයේ විවිධ ස්ථානයන්හි රැගෙනවිත් දැමීම ඇතුලු විවිධ ගැටලු හේතුවෙන් ඒහි ජනතාය මෙම අපහසුතාවයන්ට පත්ව සිටිති.
ඒමෙන්ම මළසිරුරු පුලුස්සා දමන අවස්ථාවන්හි දුමාරයන් හේතුවෙන්ද ප්‍රදේශවාසීන්ට සෞඛ්‍්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇති අතරම අදාල ගැටලුව වෙනුවෙන් බලධාරීන්ට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසටද ඉල්ලා සිටිති.
මේ පිළිබඳව අදහස් දක්වන ගම්වාසීණ් කියා සිටියේ තමන්ගේ නිවාස පිහිටා තිබෙන ස්ථානයන්හි සිට මීටර් 30 ක් වැනි දුරකින් මෙම සුසාන භූමිය පිහිටලා තියෙන්නේ මේ නිසා මෙහි පුලුස්සන මළසිරුරු වලින් ඇති වන දුමාරයෙන් අපේ නිවාස වැසී යනවා මේ දුම අපේ ළමයිනුත් ආශ්වාස කරනවා ඒ් වගේම යම් අවස්ථාවල සිරුරු කොටස් සම්පූරණයෙන්ම පිලිස්සෙන්නේ නැති අවස්ථා තිබෙනවා ඒවිට දින කිහිපයකට පසුව ගම්මානයේ විවිධ ස්ථානයන්හි දුඟඳක් හමන අතරම සිරුරු අස්ථි කොටස් ගම්මානයේ විවිධ ස්ථානයන්හි සුනකයින් විසින් රැගෙන ගොස් දැමීම නිසා ජනතාව දැඩි අසීරුතාවයන්ට මුහුණ දෙනවා.
මේ නිසා සන්දිලිපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ගම්මානයට ඈතින් පිහිටන සේ වෙනත් ස්ථානයක සුසාන භූමියක් සකසා අවශ්‍ය පහසුකම් සපයන ලෙසට බාලධාරීන්ගෙන් අනෙයිකොට්ටෙයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
0 Comments