ප‍්‍රබල ඇමතිගේ බල්ලන්ට බෙහෙත් ගේන්න යන බස් රථය පෙරලේ.. රියදුරු හා බල්ලා පමණයි..

 

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ට අයත් සුඛෝපභෝගි බස් රථයක් හපුතලේ ප්‍රදේශයේ දී ඊයේ දිනයේ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇත.

පොලීසිය සඳහන් කරන්නේ මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු හා ඇමතිවරයාට අයත් සුරතල් බලු පැටියා පමණක් එහි සිට ඇති බවයි.

අනතුරෙන් බස් රථයට හානි සිදු වී තිබුණද රියදුරුට හෝ බලු පැටවාට අනතුරක් සිදුවී නැතැයි ද පොලිසිය කියා සිටියි.

මෙම බස් රථය බලු පැටවාට ඇති වී තිබෙන අසනීපයකට ප්‍රතිකාර ගෙන කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කරමින් සිටියදී මෙම බස් රථය පෙරළී ඇත්තේ රියදුරුට නින්ද යාම මතයි.

මෙම බස් රථය ඇමැතිවරයා විසින් වෙන් කර ඇත්තේ සුරතල් බලු පැටවුන් ප්‍රවාහනය සඳහා යැයි රියදුරා පවසා තිබේ. මෙම අමාත්‍යරයාට සුරතල් බලු බැටවුල් රැසක් සිටින බවද රියදුරා සඳහන් කර ඇත.

Post a Comment

0 Comments