මහණ කල ‘පඩු කරද’ ගස කපා දමයි…

 


ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා ඉවත් කොට තිබේ.

මාර්ග ඉදිකිරීම් කණ්ඩායම් සඳහන් කරන්නේ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මෙම ගස ඉවත් නොකළහොත් අමතරව අධික මුදලක් වියදම් කර මාර්ගය වෙනස් කිරීමට සිදුවන බවයි.

එම ගස කපා ඉවත් කිරීමට යාමේදී පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයක් ඇතිවූ අතර එම ශාකය මහණ කිරීමට භික්ෂුන් වහන්සේලා පිරිසක් කටයුතු කලහ.

කෙසේ වෙතත් බැකෝ යන්ත්‍රයක් පැමිණ ඊයේ දිනයේ මෙසේ අපවත් කර ඇත්තේ එසේ මහණ කරන ලද පඩු කරද ශාකයයි.


Post a Comment

0 Comments