දිරිගන්වන නිලියන් නෑ.. පකිස්තානය හමුවේ ලංකාව කොළඹදී ලොකු අමාරුවක..

 

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දින අවසාන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන පකිස්ථාන කණ්ඩායම ප්‍රබල තත්ත්වයක පසු වෙයි.

ඔවුන් සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 563ක් ලබා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 397 ඉදිරියෙන් සිටිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම තම මුල් ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166කි.

පසුගිය 20-20 ලෝක කුසලාන තරඟාවලියේදී කණ්ඩායම දිරිගැන්වීමට සඳහා විශාල මුදලක් වියදම් කරමින් ඕස්ට්‍රේලියාවට ගිය නළු නිළියන් කණ්ඩායමේ කිසිවෙකු කොලඹ පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම සඳහා පැමිණ නැතිවීම සම්බන්ධයෙන් සමාජජාලාවල විවේචන එල්ල වෙමින් ඇත.

Post a Comment

0 Comments