කොළඹ කොටස් පිම්මේ ඉහලට… විදේශ අයෝජන වැඩිවෙයි…

 



ඊයේ දින ගණුදෙනු අවසන් වන විට කොළඹ කොටස් වෙළඳපොළ විශේෂ වර්ධනයක් සිදුව තිබේ.

පෙර දිනට සාපේක්ෂව එහි සියළු කොටස් මිල දර්ශකය ඒකක 272.74 කින් 2.48%ක් ඉහළ ගොස් තිබින.

S&P SL20 දර්ශකය ඒකක 106.39 කින් 3.36%ක් ගොස් තිබිණි.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,257.82 ලෙසත් S&P SL20 දර්ශක අගය 3,273.76 ලෙස සටහන් විය.

ඊයේ දිනයේදී විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 858ක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

Post a Comment

0 Comments