හිටපු කොටි සාමාජිකයා තවත් හිටපු කොටි සාමාජිකයෙකුට වෙඩිතබා මරයි…

 



වවුනියාව නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරුප්පු ප්‍රදේශයේ වගා ඉඩමකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට නෙදුන්කේනි පොලීසිය පවසයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ අසල්වාසී ඉඩමක පදිංචි වූ තවත් අයෙකු සමග ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකින් පසුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

පසුගිය 21 වනදා ඝාතනයට ලක් වූ පුද්ගලයා ඉඩම්ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලෙන් පසුව ඝාතකයා විසින් නිවසක සඟවා තිබූ දේශීය නිශ්පාදිත ගිනිඅවියකින් වෙඩිතැබීම සිදු කොට ඇත.

එහිදී බරපතල තත්වයේ සිටි තුවාලකරු නෙඩුන්කේනි ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති අතර ඝාතකයා පලා ගොස් තිබුනි.

අනතුරුව නෙඩුන්කේනි පොලීසිය විසින් අදාල ඝාතනයට සම්බන්ධ සැකකරු සැඟව සිටියදී අත්අඩංගුවට ගත් අතර ඔහු සම්බන්ධයෙන් වව්නියාව අධිකරණයේ නඩු 5 ක් ඇති බවටත් ඉන් එකක් වශයෙන් නීතිවිරෝධීව ගිනඅවි ලඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරුවෙකුද වන බවට අනාවරනය වෙයි.

කෙසේ වෙතත් අදාල වෙඩිතැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 58ක පට්ටිකුඩිරිප්පු-නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි අලකයියා මහේෂ්වරන් නැමති අයෙකු වන අතර මිය ගිය පුද්ගලයා මෙන්ම වෙඩිතැබීම සිදුකර බවට සැකකෙරෙන පුද්ගලයාද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්තාපනය වී නැවත පදිංචි වූවන් බවට හෙලි වී ඇතැයිද පරික්ෂණ සිදුකරන නෙඩුන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments