"අත්‍යාවශ්‍ය සේවා" යනුවෙන් පුවරුවක් බවුසරයේ ඉදිරිපස ප්‍රදර්ශනය කර මළ අපද්‍රව්‍ය කළු ගඟට බැහැර කිරීමට පැමිණි බවුසරයේ රියදුරා සහ සහායකයා අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.
සැකකරුවන් සමඟ බවුසරය ද පොලිස් බාරයට ගෙන ඇත.
අඟුරුවාතොට මාබුගොඩ උඩු ගම්මන කැලෑබද ප්‍රදේශයේ බවුසරයක් නවතා මළ අපද්‍රව්‍ය කළු ගඟට බැහැර කිරීමට පුද්ගලයන් දෙදෙනකු සූදානම් වන බවට පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කළුතර ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවය කරන බවත් එම ප්‍රදේශයේ විවිධ ආයතන වල මළ අපද්‍රව්‍ය එකතු කර බැහැර කිරීම සඳහා රැගෙන ආ බවට ප්‍රකාශ කර ඇත.
පොලිසිය මගින් සිදු කළ පරීක්ෂණවලදී එම ආයතනය ලියාපදිංචි කළ නොකළ එකක් බවටද අනාවරණ වූ බව පොලිසිය පවසයි
සැකකරුවන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
අඟුරුවාතොට පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි
0 Comments