2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා මතෙක් මූල්‍ය ඇස්තමේන්තුව සකස් කර නැති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එම ඇස්තමේන්තු සකස් කිරීම සිදුකරන්නේ භාණ්ඩාගාරය විසින් මැතිවරණ කොමිසමට එවනු ලබන විශේෂ චක්‍රලේඛයක් ලැබීමෙන් පසු බවත් ඔවුන් කියා සිටී.
නමුත් එවන් චක්‍රලේඛයක් මෙතෙක් ලැබී නැති බැවින් මූල්‍ය ඇස්තමේන්තු සකස් කිරීමක් සිදුනොවන බවද කොමිසම කියයි.
ඉදිරියේදී මෙම විශේෂ චක්‍රලේඛය ලැබෙනු ඇති බවත් ඉන් අනතුරුව අදාල ඇස්තමේන්තු සකස් කර ඇති බවත් කොමිසම තවදුරටත් සඳහන් කළේය.
0 Comments