අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාම්තමක වන පරිදි බිත්තර පාලන මිල ඉවත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරයි.
ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කරන බවත් පවසන අධිකාරිය ඒ සදහා කැබිනට් අනුමැතියද ලැබුනු බව කියා සිටියි.
වෙලදපලට ආනයනික බිත්තර නිකුත් කිරීමත් සමග බිත්තර සදහා තරගකාරී මිලක් තීරණය වනු ඇතැයිද අධිකාරිය සඳහන් කරයි.
සුදු බිත්තරයකට රුපියල් 44ක් හා දුඹුරු බිත්තරයකට රුපියල් 46ක පාලන මිලක් මෙතෙක් නියම වී තිබින.

.webp)
0 Comments