කෙහෙලියට එරෙහි විශ්වාස භංගය කතානායකට බාර දේ…

 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදී ඇත.

මන්ත‍්‍රීන් 45 දෙනෙකුගේ අත්සන් සහිතව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මෙම යෝජනාව බාර දී ඇත.

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්‍රය දුර්වල කිරීම, හා එමගින් මරණ සිදුවීම යන කරුණුවල සෞඛ්‍ය ඇමතිවරයා වගකිව යුතු යයි යෝජනාවේ දැක්වෙයි.

Post a Comment

0 Comments