උඩවලව හිදෙයි.. සමනල වැවෙන් ජලය ඉල්ලා ඇඹිළිපිටියේ විරෝධතා…

 

මහවැලි වලව කලාපය ගොවිතැන් කර ඇති ගොවීන්ට අවශ්‍ය ජලය බලංගොඩ සමනල වැවෙන් ලබා දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද ඇඹිලිපිටිය නගරයේ විරෝධතාවයක් සහ සත්‍යග්‍රහයක් ආරම්භ කරණ ලදී.

මේ වන විට උඩවලව ජලාශයේ ජල මට්ටම සීග්‍ර  ලෙස පහත ගොස් ඇත. වලව කලාපයේ  හෙක්ටයාර්  විසිපන්දහස් තුන්සීයක  ක වගා කර ඇති අතර ඉන් හෙක්ටයාර් දොළොස් දහස් හයසිය හැට හතරක වී වගා කර ඇත.

විරෝධතාකරුවන් ඇඹිලිපිටිය කාවන්තිස්ස රජ මහා විහාරස්ථානය අසල සිට පෙළපාලියකින් ඇඹිලිපිටිය බස් නැවතුම්පොළ වෙත පැමිණ එහිදී විරෝධතාවයේ නිරත වූ අතර විරෝධතාවයෙන් අනතුරුව නගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් යක් ආරම්භ කරනු ලැබුවා.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ද මේ අවස්ථාවට සහභාගී වී සිටියා. පසුගිය හතර වෙනිදා මහවැලි නෙවාසික  ව්‍යපාර කළමනාකාරවරයා ඇතුළු කණ්ඩායමක් මාධ්‍ය හමුවක් පවත්වා සඳහන් කළේ දින දහයකට පමණක් උඩවලව ජලාශයේ ජලය ඇති බවත් ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසයි.

කෙසේ වෙතත් මේ වන විට ජලය සැපයීම දැඩි අර්බුදයකට ලක් වී ඇති අතර ගොවීන් ඉල්ලා සිටින්නේ සමනලවැව ජලාශයෙන් ජලය ලබා දෙන ලෙසයි. සමනළ ජලාශය විදුලිබල මන්ඩලය යටතේ විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා පාලනය වන අතර උඩවලව ජලාශය මහවැලි අධිකාරි යටතේ ගොවිතැන් කටයුතු සඳහා භාවිතා කරනු ලබයි.

මේ හේතුවෙන් වලව  කලාපයේ ගොවි නොවන පවුල් 86950 ක පුද්ගලයන් දෙලක්ෂ හැත්තෑ අට දාහක් සඳහා පානීය ජලය ලබාදීම ද ගැටලුවක්ව පවතී.

කෙසේ වෙතත් ඊයේ (23දා) දිනයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්න ආසන බලමන්ඩල සහභාගිවූ විදුලිබල රාජ්‍ය  අමාත්‍ය  ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේ වලව  කලාපයේ ගොවීන් සඳහා ලබන තිස් එක් වැනි දින දක්වා නොකඩවා සමනල වැව ජලාශයෙන්  ජල ලබාදීමට කටයුතු කරන බවයි.


Post a Comment

0 Comments