ජාතික රෝහලේ විදුලිය විසන්ධි කරන්න දැනුම් දෙයි.. ශල්‍යාගාරවල රෝගීන් රැසක් අනතුරේ…

 

කොළඹ ජාතික රෝහලේ විදුලි බලය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.

මාස පහක කාලයත් තිස්සේ මණ්ඩලයට ගෙවීමට ඇති එක රුපියල් මිලියන 339 ක මුදලක් නොපියවීම හේතුවෙන් මෙසේ විදුලිය කප්පාදු කිරීම දන්වා ඇත.

ඇති වි තිබෙන තත්ත්වය මත රෝහලේ කටයුතු පවත්වාගෙන යාමේ දැඩි අවධානමක් මතුව ඇත.

දැනටමත් දිනපතා රෝහලේ ශල්‍යාගාර රැසක ශල්‍ය කටයුතු සිදු කරමින් ඇති අතර දැඩි සත්කාර ඒකක වල යන්ත‍්‍ර ආධාරයෙන් රෝගීන් විශාල පිරිසක්ද රැඳී සිටියි.

යම් හෙයකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් එම රෝගීව් දැඩි අවධානමකට පත්වෙනු ඇත.

Post a Comment

0 Comments