නිවසින් අතුරුදහන්ව සිටි පස්දරු මවකගේ සිරුර කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ ගැඹුරු වලක තිබි (18) දින සොයාගත් බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
කෙසෙල්ගමුඔයේ තිබි මෙසේ සොයාගනු ලැබුවේ නොර්වුඩ් පොලිස් වසමට අයත් සෙන් ජොන් ටිලරි වතුයායේ පදිංචි ආර්.තනලෙච්චමි නැමති (56) හැවිරිදි පස්දරු මවකගේ සිරුරයි.
මියගිය තම මව රෝගි තත්ත්වයකින් පෙලෙන බවත්, (17) දින රාත්‍රි 10 පමණ වන තෙක් තමන් සමග නිවසේ සිටි බවත්, මවගේ රෝගි තත්ත්වයට දික්ඔය මුලික රෝහලෙන් නිකුත් කර ඇති සායනයකට (18) දින උදැසන යාමට නියමිතව තිබු නිසා නිදා සිටි මව අවදි කරවිමට අලුයම 3 ට පමණ ගිය අවස්තාවේ මව කාමරයේ නොසිටි බවත්, පසුව තම පියා සහ අසල්වාසින් සමග මව සොයා සිදු කල මෙහෙයුමකදි මවගේ සිරුර නිවස අසලින් ගලා බසින කෙසෙල්ගමුඔයේ තිබි සොයාගත් බව මිය ගිය පස්දරු මවගේ පුතා වන කුමරේෂන් දුෂාන් නොර්වුඩ් පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පැවසිය.
0 Comments