උතුරේ කලු ජූලිය සමරයි…

 

යාපනය විශ්වවිද්‍යාලයේ සහ යාපනය පුස්තකාලය අබියසදී කලුජූලියට විරෝධය පාමින් කලුජූලි වැඩසටහන් සංවිධානය කොට තිබුණි.

යාපනය විශ්වවිද්‍යාලයේ කලුජූලිය සැමරුම් ස්මාර්කය අසලදී විශ්වවිද්‍යාල මහාශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විසින් කලුජූලියට විරෝධය පාමින් මිය ගිය ජනතාව සහිපත් කිරීම සිදුවිය.

ඊට අමතරව යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාන කිහිපයකම කලුකොඩි වැල් ඇද තිබූ අතරම මිය ගිය අය වෙනුවෙන් මල්පහන් දල්වා  කලුජූලිය සමරනු ලැබීය.

මේ අතර යාපනය පුස්තකාලය අබියසදී දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුලු පාක්ෂිකයින් පිරිසක් විසින් කලුජූලිය සැමරීම සිදුකරන ලදි.

දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුලු පිරිසක් විසින් 1983 දී පැවති කලු ජූලි සමයේදී මිය ගිය දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනා සිහිපත් කල අතර එහිදී මිය ගිය දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකල යුතු බවටද සැමරුම් අවස්ථාවට සහභාගී වූවන් විසින් රජයෙන් ඉල්ලා සිටියහ.

Post a Comment

0 Comments