යාපනය වෙත්තලකේනි වත්තිරායන් මුහුදු ප්‍රදේශයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 54 ක්වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 165 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම වෙත්තලකේනි ආයතනය මඟින් වෙත්තලකේනි වත්තිරායන් මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි.
එහිදී එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී එම ඩිංගි යාත්‍රාවේ තිබී පාර්සල් හැත්තෑ පහක (75) අසුරන ලද, කේරළ ගංජා කිලෝ 165 ග්‍රෑම් 400 ක පමණ තොගයක් සමඟ එම සැකකරුවෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට උතුරු මුහුදු සීමාවට රැගෙනවිත් යාපනයේ සිට දකුණු ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට ජාවාරම් කරුවන් විසින් සැලසුම් කොට තිබූ බවටද නාවික හමුදාව විසින් තොරතුරු අනාවරනය කොට ගෙන ඇත

.webp)
0 Comments