ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව වතාවක් ඉන්දියාවට ගිය හොත් ශ්‍රී ලංකාවේ කිසිම දෙයක් ඉතුරු නොවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා මෑතකදී සිදු කළ ඉන්දීය සංචාරයේදී ත්‍රිකුණාමලයේ කොටසක් ඉන්දියාවට පැවරීමටත්, ඉන්දියාවේ සිට ලංකාවට ගොඩබිම් මාර්ගයක් ඉදි කිරීමටත්, තෙල් නලයකින් ලංකාව ඉන්දියාව සම්බන්ධ කිරීමටත්, විදුලි පද්ධතියකින් සම්බන්ධ කිරීමටත් එකග වී ඇති බව ද හෙතෙම පැවසීය.
එමෙන්ම ලංකාවේ ප්‍රධාන වරාය මෙහෙයුම් කටයුතු ඉන්දියානු සමාගම් යටතට පත් කිරීමටත් මෙරට පුනර්ජනනි විදුලි බලය නිෂ්පාදන ඒකාධිකාරිය ඉන්දියාවට ලබා දීමටත් එකඟ වී ඇති බවද හෙතෙම කියා සිටී.
ජනාධිපතිවරයා ඉන්දීය සංචාරය නිම කර ලංකාවට ආපසු පැමිණියේ ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් කිරීමේ ඇණය ගැසීමට කලින් ගසන ඇණය ගසාදැයි ඔහු ප්‍රශ්න කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

0 Comments