ධුර කාලය අවසන් වීමෙන් විසුරුවා හැර ඇති ප‍්‍රාදේශීය සභා නැවත කැඳවා අසීමිත කාලයක් පවත්වාගෙන ගෙනයෑම කරන උත්සාහය පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැවටීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
පිවිතුරු හෙල උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
විසුරුවා ඇති නගර සභා සහ ප්‍රාදේශීය සභා නැවත කැඳවා අසීමිත කාලයක් පවත්වා ගෙන යෑමට පළාත්පාලන ඇමතිවරයාට බලය පැවරෙන පනත් කෙටුම්පතක් පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු විසින් පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේක ඇත්තෙන්ම ජනතා පරමාධිපත්‍ය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක්.
1978 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා විට නගර සභාවත් ප්‍රාදේශීය සභාවත් පළාත් සභාවත් පැවතුනේ නෑ. ජනතා නියෝජිතයින් විධියට ව්‍යවස්ථාවේ තිබෙන්නේ ජනාධිපති සහ පාර්ලිමේන්තුව විතරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) වගන්තිය අනුව ජනාධිපතිගේ හෝ පාර්ලිමේන්තුවේ ධූර කාලය දිගු කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය සහ ජනමත විමසුමක දී ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු බව සඳහන් වෙනවා. ඒ ජනතාව ලබා දුන් කාලය වැඩි කළ හැක්කේ ජනතාව කැමති නම් පමණයි කියන සිද්ධාන්තය මතයි.
1978 ව්‍යවස්ථාවේ නගර සභා, ප්‍රාදේශීය සභා පළාත් සභා වල ධූර කාලය දිගු කරන්න බෑ කියලා සඳහන් වුණේ නැත්තේ ඒ සභාවන් ඒ වන විට ස්ථාපිත කරලා තිබුණේ නැති නිසා. නමුත් මේ සිද්ධාන්තය ඒ සභාවලටත් ඒ ආකාරයෙන්ම වලංගුයි. දැන් මැතිවරණය පැවැත්වීම කල් දාලා තිබෙන්නේ මුදල් නෑ කියලානෙ. ඉතින් මේ පනත සම්මත කර ගන්න ජනමත විමසුමකට යට කරන මුදල් යොදාගෙන ඡන්දය පැවැත්තුවා නම් ඉවරනෙ.
ඇත්තටම මේක ගෙනාවේ සම්මත කර ගන්න නොවේ. ඒක සම්මත කර ගන්න බැරි බව ගෙනාපු අයත් දන්නවා. මේ අය ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. පුංචි ඡන්දය කල් දමන විට පොහොට්ටු නායකයෝ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ටත් මන්ත්‍රිවරුන්ටත් පොරොන්දු වුණා ඒ ඒ ආයතනවල විශේෂ කොමසාරිස් විධියට දැනට ඉන්නා සභාපතිවරු පත් කරනවා කියලා. ඒ වගේම මන්ත්‍රිවරුන්ට විශේෂ කොමසාරිස්වරුන් විධියට පත්වන ප්‍රාදේශීය සභා සභාපතිවරු සමග සුපුරුදු පරිදි වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් සභාපතිවරුන්ටත් මන්ත්‍රිවරුන්ටත් ලබා දුන්නු ඒ පොරොන්දුව ඉටු කරන්න බැරි වුණු නිසා ඒ මන්ත්‍රිවරු දැන් කලකිරිලා. ඒකට පිලියමක් විධියටයි මේ පනත ගේන්නේ. ඔන්න අපි දැන් නැතිවුණු මන්ත්‍රි ධූර යළි ලබා දෙනවා කියලා මාස හයක් විතර මේ පනත පෙන්වමින් ඒ හිටපු මන්ත්‍රිවරු රවටන්න පුළුවන්. ඇත්තටම සම්මත කර ගන්න ඕනෑ නම් පෞද්ගලික මන්ත්‍රි පනතක් වෙනුවට ආණ්ඩුවේ පනතක් ලෙස මේක ගේන්න තිබුණා.
0 Comments