ජනපති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි...

 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබේ.


ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයකු සඳහන් කළේ, ලබන බදාදා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී එම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන බවයි.


ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇතැයි වාර්තා වේ.


13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජාතික සංහිදියාව ඇති කිරීම ඇතුලු කරුණු පිළිබඳව, එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.


පසුගියදා සිය ඉන්දිය නිල සංචාරයේදී ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද, 13 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡාවට ලක්විය.


ඉන්දීය සංචාරයට පෙර පාර්ලිමෙන්තුවේදී උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවයි.

Post a Comment

0 Comments