කෙහෙළිය දැනුවත් ගේමක..

 

රජයේ සෞඛ්‍ය පද්ධතිය ගැන මහජන විශ්වාසය බිඳ වට්ටවා පෞද්ගලික රෝහල් ගොඩ දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

මෙම කටයුත්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නොදැනුවත් කම පමණක් නොව සැලසුම් සහගත ක්‍රියාවලියක් බව ද ඔහු පැවසීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යවරයා කියලා තියෙනවා ඖෂධවල ගුනාත්මකභාවය පරීක්ෂා කරන්න නිර්නායක නෑ කියලා. එහෙමන්මපරීක්ෂනාගාර මොකටද ? NMRA වැනි ආයතන මොකටද?.

මේක සෞඛ්‍ය ඇමතිවරයාගේ නොදැනුවත්කම විතරක් නෙවෙයි ගේම් එකක් රජයෙ සෞඛ්‍ය පද්ධතිය ගන මහජන විශ්වාශය බිද වට්ටලා පෞද්ගලික රෝහල් ගොඩදස්න කොන්ත්‍රාත් එකක්.

වෙලාවකදී ඖෂද ප්‍රශ්න වෙනුවට රෝහල් අවට තිබෙන අවමංගල ශාලා ගැන කියවනවා . මේවද සෞඛ්‍ය ඇමති දෙන උත්තර අපි කියනවා ජනජීවිතය අර්බුදයට නොයවා වහාම ඉල්ලා අස්වෙන්න කියලා.

Post a Comment

0 Comments