කුරුන්දී විහාරයේ දී යූප ගලක් ශිව ලිංගයක් කරන්න හදයි…

 



මුලතිව් හි පිහිටි කුරුන්දි විහාරය උතුරේ ඇති ප්‍රධානතම බෞද්ධ විහාරස්ථාන අතරින් එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ඇතැම් පිරිසක් පසුගිය කාලයේ එම විහාරස්ථානයේ නටබුන් අතරින් ශිව ලිංගයක් හමුවූ බව පවසමින් ජාතිවාදී සහ ආගම්වාදී මතවාදය ප්‍රචාරය කළ බවයි.

මේ පිටුපස ඇතැම් දේශපාලඥයින් සහ උතුරේ ඉතිහාසඥයින් කිහිපදෙනෙකු සිටින බවද ඔහු හෙළි කර ඇත.

මෙරට පුරාවිද්‍යා උරුමයන් ජාතිවාදයට ඈඳා නොගත යුතු බවත් සත්‍ය ලෙසම ඉතිහාසකරණය කිරීමට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ.

Post a Comment

0 Comments