තලංගම පොලිස් වසමේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන පහක් වටලා කාන්තාවන් 17 දෙනෙකු ඇතුළු 18 දෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
රාත්‍රී කාලයට විවිධ පිරිස් මෙම ස්ථාන කරා විශාල වශයෙන් පැමිණෙන බවට තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධට ලද තොරතුරකට අනුව කඩුවෙල අධිකරණයට ලබාගත් සෝදිසි වරෙන්තුව අනුව වැටලීම සිදුකර ඇත.
කාන්තාවන් මුදලට මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් ලෙස පොලිස් උපාය දූතයන් යොදවා වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි.
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයේ ලෙස නාම පුවරු ප්‍රදර්ශනය කර තිබුණත් එහි කිසිදු ස්ථානයක වෛද්‍යවරයකු හෝ කාර්ය මණ්ඩලයක් නොසිටි බව වැටලීම කළ පොලිස් නිළධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් බහුතරයක් කාන්තාවන් දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවන්වල නිරත වන බව පවසා මෙම ස්ථානයට පැමිණ ගණිකා සේවයේ යෙදෙන බවත් තවත් පිරිසක් විවිධ පුද්ගලික ආයතන වල රැකියාව සිදු කිරීමෙන් අනතුරුව එයින් ලැබෙන වැටුප පවතින ආර්ථික රටාවට ප්‍රමාණවත් නොවීමෙන් අමතර ආදායමක් ලෙස මෙම ස්ථාන වල සේවය ලබාදීමට පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් සහ කළමනාකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

0 Comments