ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් තරගාවලියේ ශූරතාවලිය දිනා ගැනීමට පාකිස්ථාන A කණ්ඩායම අද (23) සමත් විය.
ඒ ඉන්දීය A කණ්ඩායම ලකුණු 128කින් පරාජයට පත්කරමිනි.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 352ක් රැස්කර ගැනීමට සමත් විය.
පාකිස්ථාන A පිල වෙනුවෙන් තයාබ් තාහීර් ලකුණු 108ක් රැස්කර ගැනීමට සමත් විය.
ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත් වේ.
අනතුරුව පිටියට පැමිණී ඉන්දීය A පිල පන්දුවාර 40කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 224ක් පමණීයි.
ඒ අනුව පාකිස්ථාන පිලට ලකුණු 128ක ජයක් හිමිවිය.
මෙම තරගය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදීය.

0 Comments