ඇමරිකානු තානාපතිනි ත‍්‍රිකුණාමලේ නාවික කදවුරෙන් මතුවෙයි…

 



අභිනවයෙන් ඉදිකෙරුනු ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය නැරඹීමට මාලිමා කිමිදුම් ක්‍රීඩා සමාජය (Malima Diving Club – Trincomalee) නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි ජුලී චන්ග් මහත්මිය (H.E. Juli Chung) සමගසමග නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු නැගෙනහිර නාවික විධා‍නයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ත්‍රිකුණාමලය වරාය හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දියයට ඇති ඓතිහාසික වැදගත්කමක් ඇති නෞකා සුන්බන්, කාලතුවක්කු සහ නැංගුරුම් වැනි සමුද්‍රීය අවශේෂ සංචාරකයන් හට දැක බලා ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සංකල්පයක් මත, මාලිමා සත්කාරක සේවාව යටතේ ත්‍රීකුණාමලය නාවික තඨාකංගණය තුළ කිමිදුම් ක්‍රීඩා සමාජයක් ස්ථාපනය කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම, ත්‍රිකුණාමලය මුහුදු තීරය සුන්දර කොරල් පර, මුහුදුබත් වූ නෞකා කොටස් සහ විවිධ සාගර ජීවීන්ගෙන් සමන්විත ලොව සුපතල කිමිදුම් ප්‍රදේශයක් බැවින්, ත්‍රිකුණාමලය වරාය සහ ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දියයට අසිරිය නැරඹීම සඳහා සංචාරකයන් හට මෙවැනි කිමිදුම් ක්‍රීඩා සමාජ ස්ථාපනය කර පහසුකම් සැලසීම, ඉදිරියේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙන්ම, රටට විදේශ විණිමය ගෙනදීමටද මහඟු දායකත්වයක් ගෙන දෙනු ඇත.

ඒ අනුව, ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ කිමිදුම් ඒකකය වෙත පැමිණි  ජුලී චන්ග් මහත්මිය, කිමිදුම් ඒකකයේ කාර්යභාරය සහ වායු සම්පීඩන කුටීරයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳව නාවික හමුදාධිපති විසින් සිදුකල හැඳින්වීමකට සහභාගී වීමෙන් පසු, මෙම අභිනව මාලිමා කිමිදුම් ක්‍රීඩා සමාජය නිරීක්ෂණය සඳහා සහභාගී විය.

තවද, ජුලී චන්ග් මහත්මිය විසින් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංචාරයකද නිරත විය. එහිදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොම‍දෝරු බුද්ධික ලියනගමගේ ඇතුළු පුහුණු උපදේශක කාර්ය මණ්ඩලය ‍සහ පුහුණුවන නිලධාරීන් සමඟ පුහුණු කටයුතු පිළිබඳ සුහද අදහස් හුවමාරුවක්ද සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නැගෙනහිර නාවික විධා‍නයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ධමිමික කුමාර ද සහභාගී විය.

Post a Comment

0 Comments