ප්‍රාථමික අධ්‍යාපනයේ සාර්ථකත්වය සිසුන්ගේ ද්විතීයක හා උසස් අධ්‍යාපනයන්හි සාර්ථකත්වය උදෙසා ඉතා තීරණාත්මක ව බලපාන බවත් පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරුණු ප්‍රාථමික අධ්‍යාපන අවස්ථා යථාවත් කිරීමේ අවසන් අදියර මේ වනවිට පසු කරමින් සිටින අධ්‍යාපන අමාත්‍යාංශය සමස්ත පාසල් පද්ධතිය කෙරෙහි ම අවධානය යොමු කරමින් සිසුන්ගේ අයිතිවාසිකම් රැක දීම සඳහා පෙනී සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක් වෙමිනි.
0 Comments