දරුවෝ බඩගින්නේ.. බෙහෙත් නැතුව ජනතාව මැරෙනවා… මුල්‍ය අපරාධ කල උන් නිදැල්ලේ..

 



‘දරුවෝ බඩගින්නේ.. බෙහෙත් නැතුව ජනතාව මැරෙනවා… මුල්‍ය අපරාධ කල උන් නිදැල්ලේ..’ යයි එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

බැංකු පනත පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

“බැංකු පනත පිළිබඳව අපි අපේ මුල්‍ය මණ්ඩලයේ විශාල සාකච්ඡාවක් කරලා අපි මෙතනට ඇවිල්ලා තියෙනවා. අද ලෝකෙ පුරාම විවාදයක් තියෙනවා. ඒක තමයි ජනතාව පත්කරපු නියෝජිතයන් ද මේ සියල්ලේ වගකිවයුත්තෝ වෙන්නේ එහෙමත් නැත්නම් වෘත්තීය මට්ටමේ නිලධාරීන්ටද ඒ බලය ලබාදිය යුත්තේ කියලා. ඒ එක මතවාදයක්. අනිත් පැත්තෙන් පසුගිය කාලයේ මතු වෙච්ච දේ තමයි දේශපාලකයින් තීන්දු ගැනීම ඉතාම වැරදි සහගත විදිහට කරන්නේ. ඒ නිසා දේශපාලකයින් වෙනුවට මේ වෘත්තීය මට්ටමේ නිලධාරීන් මේවට පත්කළ යුතුයි කියලා. ඒ අර්ථයෙන් තමයි මේ ස්වාධීන කොමිෂන් සභා මතුවුණෙත්. මේ මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබඳ අදහස මතු වුණේත්. ඒ අනුව මේ කවර ක්‍රමයට ගියත් වගකිවයුත්තන් කවුද? මේවා උසුලන පිරිස කවුද? කියන එක මත මේ ආයතනවල ප්‍රගතිය තීරණය වෙනවා. ඒ කියන්නේ මේ පැරණි පනතට අනුව මහ බැංකුව තිබුනත් මේ නව පනතට අනුව මහ බැංකුව තිබුනත් මෙහි ධූර උසුලන පිරිස කවුද ඒ අයගේ වගවීම මොකක්ද? ඒගොල්ලෝ කාටද වග වෙන්නේ කියන එක මත මේ සියල්ල තීරණය වෙනවා. යහපාලන ආණ්ඩුව ආවට පස්සේ මේ රටේ ණය බරෙහි තිබිච්ච ඒ සුවිශේෂී තත්වය කල්පනා කරලා බලලා මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ මගින් අපි පෙන්නුවේ මේ වාණිජ ණය ප්‍රතිශතය අසාමාන්‍ය විදිහට 14% ඉඳන් 45% වැඩි වෙලා තියෙන තත්වය තුළ රට බංකොලොත් වීමේ අනතුරක් තිබෙන බවයි. යහපාලන ආණ්ඩුව කාලේ තිබුණේ 3% වර්ධන වේගය. මොකද ඒ 3% වර්ධනය ආවේම ඒ දැවැන්ත ණය බරත් එක්ක යන්න තිබිච්ච උපරිම වේගය ඒක නිසා. ඒකේ කාලේ තමයි අයි. එස්. බී. 12.5 ගත්තේ. ඒ නිසා තමයි රට බංකොලොත් වුණේ වගේ අදහස් තවදුරටත් වලංගු නෑ.

මම පෙන්නලා දුන්නා මේ පාර්ලිමේන්තුවට බිලියන 250 ක් අපේ ජාතික ආර්ථිකයට 2020 -2030 අහිමි වෙනවා. මේ රට බංකොලොත් වීම සඳහා සිදුකරන ලද ආර්ථික අපරාධයේ බලය ඒකයි. දැන් මොකද උනේ? අපි කවුරුත් දන්නවා අර ගත්තයි කියන 12.5 න් ඩොලර් බිලියන 7.2 ක් ඉතුරු කරලා ගියා.ඒකෙන් 5.5 ක් වැය කළා. ඩොලරය රුපියල් 198 තියාගන්න. කවුද? මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය.දැන් ඒකේ ප්‍රතිඵල අපි කාටත් පේනවා. දරුවෝ මැරෙනවා ඉස්පිරිතාලවල. කන්න නැතුව දරුවෝ ජීවත කාලකන්නි භාවයේ ප්‍රතිඵල ලැබෙයි අනාගතේ මන්දපෝෂිත පරපුරක් බිහිවෙලා සාමන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වල, උසස් පෙළ විභාග ප්‍රතිඵල වල අනාගතය ලැබෙයි.”

Post a Comment

0 Comments