ළමා රෝහලේ දොස්තර වලියක්.. විශේෂඥ වෛද්‍යවරයෙකුට එරෙහිව වෛද්‍ය වර්ජනයක්..

 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු එක්දින සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපය විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කෙසේ වෙතත් රෝහලේ හදිසි ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද පවසන සංගමය කියා සිටී.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහි වාර්තාව සිකුරාද ලැබීමට නියමිතය.

Post a Comment

0 Comments