ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා 2023 ජූලි 24 වන දින සිට බල පැවැත්වෙන පරිදි ගැසට් අංක 2342/09 දරන ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මහ සභාව මගින් පසුගිය 2022 සැප්තැම්බර් 22වන දින 2/3ක බහුතරයෙන් සම්මත වූ ව්‍යවස්ථාව පිළිගෙන ලියාපදිංචි කර තිබේ.
මෙම ව්‍යවස්තාව හිටපු සභාපති ජස්වර් උමාර් සහ හිටපු ලේකම් උපාලි හේවගේ යන අය විසින් ඉදිරිපත් කර සම්මත කරගනු ලැබූ ව්‍යවස්ථාවයි.
මෙම ව්‍යවස්ථාව සම්මත වීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා එවකට තිබූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසුරුවා හැරීමට කටයුතු කලේය.
එතැන් සිට ජස්වර් උමාර් ඇතුළු බහුතර සාමාජිකයන් අධිකරණයේ පිහිට පතා නඩු කීපයක් ගොනු කලේය.මෙහිදී නව ව්‍යවස්තාව පිළිගෙන ජාත්‍යන්තර සම්මේලන රෙගුලාසි වලට අනුව නව ස්වාධීන නිලවරණයක් පවත්වන ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත්කර තිබුණි.
මේ අතර අනිසි දේශපාලන ඇඟිලි ගැසීම් නිසා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ලෝක තහනමකට පසුගිය ජනවාරි මස සිට ලක් කර තිබිණි. මේ සමගම ලාංකීය පාපන්දුව අදුරටම වැටී තරගාවලු ගණනාවකට සහභාගී නොවන තත්ත්වයකට පත්වී තිබුණි.
පසුගිය මාස 8ක කාලයක් තුල ජස්වර් උමාර් පාර්ශවය, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර සාකච්ජා කිහිපයක් පැවැත්වූ අතර අවසානයේදී රටේ පාපන්දුවේ උන්නතිය උදෙසා සියළු පාර්ශවයන් එකඟතාවයකට පැමිණ තිබීම සුවිශේෂි කරුණකි.
එබැවින් නව ව්‍යවස්ථාව යටතේ කිසිම දේශපාලන හෝ තෙවන පාර්ශවයක මැදිහත්වීමකින් තොරව නව ව්‍යවස්ථාව යටතේ නිලවරණයක් පැවැත්වීමට කටයුතු දැනටමත් ආරම්භ වී තිබේ.
ඒ සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ඉල්ලීම පරිදි ක්‍රීඩා අමාත්‍යංශය යටතේ තිබූ පාපන්දු පරිපාලනය සේවකයන් යටතට භාරදී තිබෙන අතර ඒ සඳහා පාපන්දු සම්මේලනයේ සේවකයින් තිදෙනෙකුගේ නම් ද යොජනා වී තිබේ.
මෙතැන් සිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ස්වාධීනව කටයුතු කරන අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ පාපන්දු සම්මේලනයේ සාමාජිකයන්වන ලීගයන් එක්වී නිලවරණය සඳහා වූ කටයුතු සහ අනෙකුත් පරිපාලන කටයුතු ගැන තීන්දු තීරණ ගැනීමට නියමිතයි.
මෙම සිදුවීමත් සමඟම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ශ්‍රීලංකාවේ නම ඇතුලත් කිරීමට එකඟතාවය පලකර තිබේ.
කෙසේ නමුත්, ජාත්‍යන්තර තහනම එලෙසම පැවැත්වෙන බැවින් මෙම වසරේ ඔක්තෝබර් මස 07 වෙනිදාට පෙර නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත් නොකලහොත් ශ්‍රීලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුදුසුකම් තරඟවලට ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමිවන අතර ජාත්‍යන්තර තහනමද එලෙසම පවතී.

0 Comments