ජනපති අද ඉන්දියාවට...

 

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව වාර්තා වේ.


ඉන්දීය රජය හා මෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ.


එහිදි ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනෙකුත් ප්‍රභූවරුන් හමුවී මෙරට පැවති ආර්ථික හා දේශපාලනික අර්බුදයන්හිදී ලබාදුන් සහාය සම්බන්ධයෙන් හා එවැනි සැපයුම් දීර්ඝ කාලීනව ඉදිරියට ගෙනයෑමේ නව සාකච්ඡා ආරම්භ කිරීමට අවධානය යොමුකරනු ඇත.


එමෙන්ම දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.


ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදී මුර්මු ඇතුලු විශේෂ නියෝජිතයින් රැසක් හමුවීමට ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළ දී සැලසුම් කර තිබේ.

Post a Comment

0 Comments