නුවරඑළිය පොලිස් වසමට අයත් මාගස්තොට ශ්‍රී කරුමාරි අම්මන් කෝවිලේ පිං කැටය සහ ආභරණ (08) දින රාත්‍රියේ කිසියම් පිරිසක් සොරකම් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
පසුගිය වසරේ එම කෝවිලේ වාර්ෂික උත්සවය නිම වීමත් සමගම කෝවිලේ පිං කැටය සහ ආභරණ කොල්ල කෑමේ සිදුවීමක් වාර්තා වී තිබුණු අතර, මෙම වර්ෂයේද වාර්ෂික උත්සවය නිම වී දින කිහිපයකට පසු (08) දින රාත්‍රියේ කොවිලේ ප්‍රධාන දොරටුව සහ පිටුපස දොරටුව කඩා පිං කැටය සහ රණ් ආභරණ කොල්ලකා ඇති බව එම කොවිලේ භාරකාර මණ්ඩලය පැවසිය.
කෝවිල් භාරකාර මණ්ඩලය විසින් සිද්ධිය සම්බන්ධව නුවරඑළිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශය සහ නිළ සුනඛ අංශය සහයෝගය ඇතිව කෝවිල් භූමිය අවට ප්‍රදේශය සෝදිසි මෙහෙයුමක් (09) දින උදැසන සිදු කෙරිණ.
සොරා ගනු ලැබූ පිං කැටය කෝවිල අසල තේ කැළයට විසිකර තිබියදී සොයාගත් බවත් පිං කැටයේ හා කෝවිල තුළ තිබූ ඇඟිලි සළකුණු සටහන් කර ගත් බවත්, ඒ ඔස්සේ ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවද පොලිසිය පැවසිය.
කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති යුගනාදන් මහතා සහ උප සභාපති මෝහන්රාජ් මහතා සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය වසරේත් මෙවැනිම සිදුවීමක් සිදුවුනා , අපි නුවරඑළිය පොලිසියට මේ විදිහටම පැමිණිලි කළාම අද වගේම නිල සුනඛයෝ ඇඟිලි සලකුණු ගන්න නිලධාරීන් ඔක්කොම ඇවිල්ලා බලලා ගියා තාමත් හරි තොරතුරක් අපට ලැබුණේ නැහැ හොරා කවුද කියලා දන්නෙත් නැහැ,
මේ පාරත් අපි පැමිණිලි කරා නිළ සුනඛ අංශය සුනඛයා ඇවිල්ල මෙතන සෙල්ලම් කරලා ගියා හැරෙන්න අපිට වෙන දෙයක් පේන්න තිබුණෙ නැහැ ,
නුවරඑළිය පොලිසිය ගැන ලොකු විශ්වාසයක් අපට තියෙනවා මේ පාර හරි හොරා කවුද කියලා අපට හොයල දෙයි කියලා අපි විශ්වාස කරනවා යනුවෙන් පැවසීය.
0 Comments