ඉදිරියේදී තවත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
දැනටමත් ආනයන සීමා බොහෝමයක් නිදහස් කර ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
පාරිභෝගික විශ්වාසය නැවතත් ඇති වී තිබෙන බව සියලුම දත්ත වලින් පෙන්වමින් ඇති බවද හෙතෙම පැවසීය.
විදෙස් මාධ්‍ය නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
මෙය අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹළාපිටිය මහතා සඳහන් කරන්නේ වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වසර තුල සලකා බැලීමට හෝ නොහැකි බවයි.
අනෙක් භාණ්ඩ ආනයන සීමා ඉහත් කලද වාහන ආනයනය සීමා තවදුරටත් පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවත් එන වසරේදී එය ලිහිල් කිරීම හෝ නොකිරීම මේ වසර අවසානයේ දී සලකා බැලීමට හැකි වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
0 Comments