සැලසුම් කර ඇති පරිදි ආණ්ඩුව විසින් මධ්‍ය වාර්ෂික මුල්‍ය වාර්තා ඉලක්ක නිසිලෙස සම්පූර්ණ කලහොත් ජනතාවට ඉදිරි මාස හය මීටත් වඩා වැඩි පීඩන තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
මේ මොහොතේ රට මුහුණ දී ඇති ආර්ථික පීඩනය අනුව එම ඉලක්කම් හරියටම සම්පූර්ණ කළහොත් ජනතාව ඒ අනුව දැනට වඩා දැඩි කැපකිරීම් කළ යුතු වනු ඇති බවත් වඩා වැඩි පීඩන තත්ත්වයට මුහුණදීමට සිදුවෙන බවත් හෙතෙම පැවසීය.
අද ජනතාව රෝහලකට ගොස් එන්නතක් පවා ගැනීමට බිය වී ඇති බවත් ආණ්ඩුව එම තත්ත්වය නිර්මාණය කරමින් අණ්ඩුවටම අනන්‍ය වූ නරුම ගමනක් ඉදිරියට එලෙසම යමින් සිටින බවත් පැවසීය.
අද වන විට ජනතාවට ඇති කබලෙන් ලිපට වැටී ඇති බවත් ඔවුන්ට ජීවත් වීම හැර අනෙකුත් කිසිවක් ගැන සිතීමටවත් කිසිදු ඉඩක් සකස් කර නොමැති බවත් ඔහු චෝදනා කරයි.
මෙම ප්‍රතිපත්ති දරන පාලකයන් ගෙදර යැවීමෙන් තොරව වෙනත් විකල්පයක් රට හමුවේ නැතැයිද හෙතෙම තවදුරටත් කියා

0 Comments