හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ශාන්ත ග්‍රේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුවියන්ගේ දෙමව්පියන් පිරිසක් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසිරිණ.
හැටන් ශාන්ත ග්‍රේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ සිංහල ප්‍රාථමික අංශයේ ගුරුවරුන් සිව්දෙනෙකු අනුප්‍රාන්තික ගුරුවරුන් නොමැතිව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් ස්ථාන මාරුවිම් ලබා දි ඇති බවත්, මේ වන විට සිසුවියන් 135 ක් පමණ අධ්‍යාපනය ලබන පාසලේ ප්‍රාථමික අංශයට එක් ගුරුවරයෙකු පමණක් ඉගැන්විම් කටයුතු සිදු කරන බවයි කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණි දෙමව්පියන් කියා සිටියේ.
වසර ගණනාවක් එකම පාසල තුල ස්ථාන මාරුවිම් සිදු කල ගුරුවරුන් සේවය කල බව පවසමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා එම ගුරුවරුන් සිව්දෙනා ස්ථාන මාරුවිම් ලබාදුන් බවත්, එම ගුරුවරුන් මේ වන විට ස්ථාන මාරුවිම් ලද පාසල් වලට සේවයට වාර්තා කර ඇති නිසා තම දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය පහල බැස ඇති බවයි මෙව්පියන් චෝදනා කර සිටින්නේ.
හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා නුවරඑලිය මහා අධිකරණය මගින් නිකුත් කල වාරණ නියෝගයක් මත දැනට රාජකාරි සිදු නොකරන බව කියා සිටි දෙමව්පියන් කියා සිටියේ ගැටළුව සම්බන්ධයෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සිංහල අංශය භාර නිලධාරින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කල බවත්, කඩනමින් ගැටළුවට විසදුම් ලබාදෙන බව පොරොන්දු වු බවයි.
ප්‍රාථමික අංශයේ සේවය කල ගුරුවරුන් සිව්දෙනා ස්ථාන මාරුවිම් සිදු කල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කාර්යාලය තුල සැගවි සිටින බව පවසමින් දෙමව්පියන් කලාප අධ්‍යාපන කාර්යාලය අසල නොසන්සුන්කාරි ලෙස හැසිරිණ


0 Comments