ගේට්ටුවෙන් රිංගූ යතුරුපැදිකරු දුම්රියේ ගැටී මරුට…

 



යාපනය මීසාලෙයි පූදූර් මංසන්ධියේදී පිහිටි දුම්රිය හරස්මාර්ගයකදී දුම්රියේ ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

කොළඹ කොටුව සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමි දුම්රියට මෙලෙස පූදූර් දුම්රිය හරස්මාර්ගයේදී යතුරුපැදිය ගැටී ඇත.

අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය සංඥා ක්‍රියාත්මක වුවඑය නොසලකා ද යතුරුපැදිකරු දුම්රිය එන අවස්ථාවේදී දුම්රිය මාර්ගය හරහා යාමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේම මිය ගොස් ඇති අතර යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව වී ඇතැයිද අනාවරනය වෙයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ මීසාලෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි සෙල්ලයියා පරමසිවම් යන අයෙකු බවටද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments