බංකොලොත් රටට අලියට බෙහෙත් දෙන්න බැරි නිසා තායිලන්තෙන් අරන් ගියා..

 

වර්තමාන ආණ්ඩුවට ජනතාව බලා ගැනීමට තියා අලියකු බලා ගැනීමටවත් නොහැකි බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.

බංකොලොත් රටකට අලියෙකුට බෙහෙත් දීමට නොහැකි නිසා තායිලන්තයට අලියා රැගෙන ගිය බවද ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරුන් දසදෙනෙකු විපක්ෂයට එක්වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් මුලින් පැමිනෙනු ඇති බවද පැවසූ ඔහු විපක්ෂයෙන් තිදෙනෙකු පමණක් ආණ්ඩුවට යද්දී ආණ්ඩුවෙන් තිස් පස් දෙනකු විපක්ෂයට එක්ව ඇති බවත් කියා සිටියේය.

Post a Comment

0 Comments