සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය පරිපාලන සේවාවේ නිලධාරීන් ඇතුළු විධායක ශ්රේණියේ නිලධාරීන්ට තම දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්ර අගෝස්තු පළවෙනිදා සිට අනිවාර්ය කරමින් ගෙන තිබූ තීරණය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් වහාම නතර කිරීමට තීරණය කර තිබේ.
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය හා ජනාධිපතිවරයා අතර ඊයේ දින පැවති සාකච්ඡාවක දී මෙම තීර මෙම තීරණය ගත් බවත් සංගමයේ ලේකම් වෛද්ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
වෛද්යවරුන්ගේ සේවා වටපිටාව ගැන කිසිවක් සොයා නොබලා සෞඛ්ය අමාත්යාංශයේ ඇතැම් නිලධාරීන් කැබිනට් තීරණ බව පවසමින් මෙම තීරණය ගෙන තිබූ බවත් ජනාධිපතිවරයාට එය පැහැදිලි කර දීමෙන් පසුව අහෝසි කිරීමට උපදෙස් දුන් බවත් ඔහු පැවසීය.
වෛද්යවරුක් පුටුවක් හෝ කාමරයක් තුළට වී තම රාජකාරි කටයුතු නොකරන බවත් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලට නිතර නිතර ස්ථානයෙන් බැහැරව සේවාවේ යෙදෙන බවත් ජනාධිපතිවරයාට පැහැදිලි කර දුන් බව ද ඔහු පැවසීය.
ජනාධිපතිවරයාගේ මෙම තීරණය හේතුවෙන් අනවශ්ය ලෙස වෛද්යවරුන් මානසික පීඩාවට ලක් වීමට තිබූ අවස්ථාව මග හැරී ගිය බවත් එය රෝගී ජනතාව ද ලැබූ ජයග්රහණයක් බවත් හෙතෙම කියා සිටියේය.

0 Comments