GSP+ සහනය තවදුරටත් දීර්ඝ කිරීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවන බව සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.
රටට අසීරු අවස්ථාවක එම තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස සතුටු වෙන බවත් එසේ සතුටු වන්නේ රටේ ජනතාව ගැන හිතන පක්ෂයක් ලෙස බවත් ඔහු පැවසීය.
මේ මගින් අපනයන ක්ෂේත්‍රයේ පිරිස් වෙනුවෙන් සහනයක් ලැබීම ගැන සතුටු වන බවද ඔහු සඳහන් කළේය.
මෙය අපනයන ක්ෂේත්‍රයේ නියුතු මිනිසුන්ට ලැබුණු සහනයක් මිස ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


0 Comments