IMF නිලධාරීන් ගල් අරක්කු බොන්නෙ නෑ..

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන් ගල් අරක්කු බොන්නෙ නැතැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදිහට ගල් අරක්කු මිල වැඩි කළ යුතු නැති බවත් ගල් අරක්කු බොන්නෙ වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසුන් බවත් ඔහු පැවසීය.

ඒ හේතුවෙන් දැනට 3,000ක මිල වෙන ගල් අරක්කු මිල රුපියල් 1,500 දක්වා අඩු කළ යුතු බවද පැවසූ ඔහු මූල්‍ය අරමුදල කියන ආකාරයට වෙනත් විදේශීය මත්පැන් මිල වැඩි කළාට ප්‍රශ්නයක් නැතැයි ද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වෙත මෙම ගැටළුව ඉදිරිපත් කරමිනි.

Post a Comment

0 Comments