දියතලාව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ යතුරුපැදිය කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් ගිනි තබා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
හපුතලේ දියතලාව මාර්ගයේ ගල්කන්ද ප්‍රදේශයේදී යතුරුපැදිය මෙසේ ගිනි තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
නිලධාරියා දියතලාව නගරයේ රාත්‍රි රාජකාරියේ යෙදී සිටින අතරතුර බීමත් රීරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගෙන යතුරුපැදිය එම ස්ථානයට තබා ත‍්‍රිරෝද රථය පොලිසියට ගෙන ගොස් ඇත.
පසුව නැවත යතුරු පැදිය ගෙන ඒමට ගිය ද එහි එය තිබී නැත.
පසුව හෙළි වී ඇත්තේ යතුරු පැදිය එම ස්ථානයෙන් ගෙන ගොස් ගිනි තබා ඇති බවයි.
සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.
0 Comments