උපන් දිනයට පෙම්වතී Surprise කරන්න කාර් එකක් සොරා ගනී…

 

හංවැල්ල පොලිස් වසමේ දිද්දෙනිය ප්‍රදේශයේදී 2023.07.08 වන දින රුපියල් ලක්ෂ 68 ක් පමණ වටිනා කාර් රථයක් සහ කාර් රථය තුල තිබූ රුපියල් 11,000/- ක් පමණ වටිනා ජංගම දුරකථනයක් සොරකම් කල සැකකරුවෙකු බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2023.07.09 දින පැල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු විසින් අදාල කාර් රථයෙන් ධාවන පරීක්ෂාවක් සදහා එහි හිමිකරු සමග ගොස් ඇත. එහිදී කාර් රථයේ යම් ශබ්දයක් ඇසෙන බව පවසා හිමිකරු කාර් රථයෙන් බස්වා එම ශබ්දය ඇසෙන ස්ථානය පරීක්ෂා කිරීමට දැනුම්දී ඇති අතර එම අවස්ථාවේදී සැකකරු එම රථයද රැගෙන පලාගොස් ඇත.

මෙම රථය පැහැර ගැනීම සිදු කර ඇත්තේ සැකකරුගේ පෙම්වතියගේ උපන් දිනයදා ඇය පුදුම කරවීමට බව පොලිසිය සිදු කල මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන පහළ බෝමෙරිය, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හංවැල්ල සහ බුත්තල පොලිස් ස්ථානයන් එක්ව වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Post a Comment

0 Comments