විදුලි අංශයේ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයක් පිහිටුවා එහි ප්‍රධානියාට මාස 8 ක දීමනා වශයෙන් රුපියල් ලක්ෂ 200කට අධික මුදලක් ඩොලර් වලින් ගෙවීමට විදුලි බල ඇමති කාංචන විජේසේකර තීරණය කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිට්.
ආචාර්ය ප්‍රදීප් පෙරේරා එම තනතුර සඳහා දැනටමත් පත්කර ඇති බවත්,ඔහු 2001 රනිල්ගේ ආණ්ඩුවේ රිගේනින් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සේවය කළ අයකු බවද ඔහු පවසයි.
මෙම ලේකම් කාර්යාලයේ සේවකයන්ගේ වැටුප් ඇතුලු අනෙක් වියදම් සඳහා ජපානයෙන් ඇ.ඩොලර් ලක්ෂ 3ක ණයක් ලබා ගැනීමට තීරණය කර ඇති බවත්,මෙම නාස්තිකාර වියදම ද අවසානයේ විදුලි පාරිභෝගිකයන්ගේ හිසමත හෙනයක් මෙන් පතිත වන බවත් එම ප්‍රවෘත්ති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ....
0 Comments