වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් මේ වන විට අමාත්‍යාංශයෙන් අතුරුදහන් වී ඇති බව හෙළි වී තිබේ.
ජාතික විගනන කාර්යාලය මඟින් සිදුකර ඇති විගනන වාර්තාව දැක්වෙන්නේ මෙම වාහන සම්බන්ධයෙන් වර්තමාන තොරතුරු සොයා ගත නොහැකි බවයි.
වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන 650ක් ලියාපදින්චි වී ඇත.
නමුත් මේ වන විට අමාත්‍යාංශයේ ලේඛන අනුව අමාත්‍යාංශය පරිහරණය කරනු ලබන්නේ වාරණ 306කි.
ඒ අනුව ඉතිරි වාහන 344 අමාත්‍යාංශය භාරයේ නොමැතිබව වාර්තාව හෙළිදරව් කරයි.

0 Comments