මහජන උපයෝගිතා කොමිෂම බෝඩ්ලෑල්ලක් කිරීමේ ඇමති තැත පරදමු!! හදිසි විදුලිය සඳහා වන වියදම රුපියල් බිලියන 4 ක් බවටපළවන වාර්තා බොරු.. සැබෑ වියදම රු...බිලියන 40 ක්



       හදිසි විදුලිය මිලදී ගැනීමේදී ම.උ.කො.සභාවේ අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවත්,අනවශ්‍යය හදිසි මිලදී ගැනීම් ප්‍රතික්ෂේප කිරීමට එම කොමිෂමට බලය ඇති බවත්,2016වර්ෂයේ සිට මේ දක්වා අවස්ථා 16 කදී එලෙස හදිසි මිලදී ගැනීම් නැවැත්වීමට කොමිසම ක්‍රියාකර ඇති බවද,විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මාධ්‍යයට ප්‍රකාශ කළේය.

     ම.උ.කො.සභාවට මෙම බලය ලැබී ඇත්තේ වර්තමාන විදුලි බල පනතින් බවද  ,ඒ නිසා එම පනත අකුලා ඇමතිවරයාට සිතුසේ කටයුතු කිරීමට බලය ලැබෙන ලංවීම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ  පනත නම්න් නව පනතක්ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ද ,එහි මුඛ්‍ය පරමාර්ථය ම.උ කො.සභාව බෝඩ්ලෑල්ලක් බවට පත්කර ඊටඋඩින් නව ආයතන 3 ක් පිහිටුවා තම හෙන්චයියන් පත්කර සියලු බලතල තම අතට ගැනීම බවද සංජීව ධම්මික තව දුරටත් ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments