ඉතිහාසයේ දැවැන්තම සන්ධානය සූදානම්.. මන්ත‍්‍රීවරුන් 50ක් එක්වෙනවා..- ලන්සා

 



පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී පිරිස සාදන නව සන්ධානය දැනට බිහිවී ඇති දැවැන්තම සන්ධානය බවට පත් කිරීම සඳහා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

දැනට මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පක්ෂවලට හා කණ්ඩායම් වලට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු හා කුමාර වෙල්ගම මහතා සමඟද මෙම සන්ධානය ගැන සාකච්ඡා කර තිබේ.

ඉදිරි සතියේ තවත් එවැනි කණ්ඩායම් කිහිපයක් සමග සාකච්ඡා කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් 40ට වැඩි පිරිසක් නව සන්ධානය සමග දැනටමත් එක්ව සිටින බවත් එම සංඛ්‍යාව 50 දක්වා වැඩි කර ගැනීම අපේක්ෂාව බවත් නිමල් ලාන්සා මහතා තවදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments