අක්කර අසූ දෙකකින් යුත් නුවරඑළිය තුරඟ තරඟ පිටිය ක්‍රීඩා සමාජයකට විකුණා දැමීමට සුදානමක් ඇති බව සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සේවක සංගමය සඳහන් කරයි.
ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් නුවරඑළිය තුරඟ තරඟ පිටියේ නඩත්තු කටයුතු කරනු ලබන්නේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය විසිනි.
2017 වසරේ සිට එම නඩත්තු කටයුතු වෙනුවෙන් සුගතදාස ක්‍රීඩා අධිකාරියට ගෙවිය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් මේ වන විට ගෙවීම පැහැර හැර ඇති බවද ඔවුන් කියා සිටියි.
එවන් තත්ත්වයක් යටතේ අක්කර 82 ක ඉඩම හා තුරඟ තරඟ පිටිය ඇතුළු සියල්ලම දැනට එහි මෙහෙයුම් සිදුකරන ක්‍රීඩා සමාජයටම විකුණා දැමීමට උත්සාහයක් ඇති බවද ඔවුන් පවසති.
0 Comments