ජනාධිපතිගේ සිග්නල් එක අධිකරණයට කළ තර්ජනයක්... නීතීඟ්‍ර සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් කියයි.





 ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා EPF අරමුදලට වන බලපෑම පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලබාදීමට තිබියදී ඊට දවසකට කලින් තමා නියෝග ගන්නේ පාර්ලිමේන්තුවෙන් පමණක් බවත් වෙන කාගෙන්වත් තමා නියෝග නොගන්නා බව පැවසීම අධිකරණ⁣යට කළ තර්ජනයක් බවත්,මාර්තු මාසයේ ද මැතිවරනයට මුදල් නිදහස් කරන ලෙස ලබාදුන් නියෝගයද මුදල් ඇමති ලෙස නොසලකා හැරිය බවත්,සාලිය පීරිස් මහතා කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී පැවසීය.

        අධිකරණයේ ස්වාධීනත්වය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම වැදගත් බවත්,මූලික අයිතිවාසිකම්,මිනිස් නිදහස,ඡන්ද බලය රැකෙන්නේ අධිකරණය ස්වාධීනනම් පමණක් බවත්,ඒ සමග පොලීසිය,,මැතිවරණ කොමිසම, මා හි කො වනි ආයතනද ශක්තිමත් විය යුතු බවත්,ඒවා දේශපාලන ග්‍රහනයෙන් මුදාගතයුතු බවත් ආර්ථික අර්බූදය ඇති වුනේ මේ ආයතන දේශපාලනීකරණය වූ නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය..

Post a Comment

0 Comments