කාන්තාවන්ගේ අතිශය පුද්ගලික ලිංගික හැසිරීම් හා ආකල්ප සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ගූගල් පෝරමයක් සකස් කර කැළණිය විශ්ව විද්‍යාල සිසුවියන් අතර අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීමේ සිදුවීමක් පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ඒ අනුව මෙම සිදුවීමට අදාළ විමර්ශන පැවැත්වීමට මෙම ගූගල් පෝරමය නිර්මාතෘ හඳුනා ගැනීමට තොරතුරු ලබා දෙන ලෙස අධිකරණය විසින් ගූගල් සමාගමට නියෝගයක් නිකුත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විසිනි.
කාන්තාවන්ගේ ලිංගික හැසිරීම් හා ආකල්ප ගැන තොරතුරු ලබාගැනීමේ මුවාවෙන් ව්‍යාජ ලේඛන යොදා ගනිමින් මෙම පෝරමය ගූගල් හරහා නිර්මාණය කර වට්ස්ඇප් ජාලය ඔස්සේ විශ්වවිද්‍යාලයේ සිසුවියන් විශාල පිරිසක් යොමු කර ඇති බව ද එය තම බිරිඳගේ ජංගම දුරකථන ද ලැබී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබින


0 Comments