තමන්ම පැහැරගෙන සැගවුණු ව්‍යාපාරිකයා හමුවේ.. ණයකරුවන්ගෙන් බේරෙන්නලු..

 

රත්නපුර කොලොන්න නෑදොල ප‍්‍රදේශයේ අතුරුදහන් වූ බව කියූ ව්‍යාපාරිකයා නුගේගොඩ මිරිහානේ තම මිතුරකුගේ නිවසේ සැඟවී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පොලිසියට පවසා ඇත්තේ ණය කරුවන්ගෙන් ගැලවීම සඳහා තමන් පැහැර ගෙන ගොස් ඇති බවට ඇඟවෙන ආකාරයේ සිදුවීමක් මවා සැඟවී සිටි බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වීමෙන් පසුව පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයකු තොරතුරු ලබා දී තිබුණේ මෙම පුද්ගලයා මිරිහාන ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවයි.

පොලීසිය මැදිහත් වී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට නවාතැන් දුන් ඔහුගේ මිතුරා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Post a Comment

0 Comments