හිටපු පොලිස් නිලධාරියෙකු ගස් බැද පහරදී ඝාතනය කිරීමේ සිද්දියක් අද (9) දින උදෑසන දඹුල්ල කණ්ඩලම 16 කොටස ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පොලිස් රාජකාරියේ සිටියදී වැඩ තහනමකට ලක් වූ බව කියන හතළිස් පස් හැවිරිදි දෙදරු පියකු බව දඹුල්ල පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ බිරිඳ විදේගතව සිටින බවත් ඔහුගේ දරුවන් දෙදෙනා වෙනම ප්‍රදේශ්යක ජීවත් වන බවත් ඔහු තනිවම නැන්දම්මාගේ නිවස ආසන්නයේ ජීවත් වූ බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ විදේශ ගතව සිටින බිරිඳගේ මව සමඟ ඔහු දිගින් දිගටම ආරවුල් පවතින බවත් 08 රාත්‍රියේ මෙම පුද්ගලයා සිය නැන්දම්මා සමග ආරවුලක් ඇති වන අවස්ථාවේ නැන්දම්මාගේ සහෝදරයෙකු සහ සහෝදරයාගේ පුතෙකු පැමිණ මෙම පුද්ගලයාට සමග ආරවුලක් ඇතිකරගෙන ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇතැයි පොලිසිය සැක කරයි.
0 Comments